[ඇමෙරිකාව හා ශ්‍රී ලංකාව අතර සබදතා වසර 150 කට අධිකය. ඇමෙරිකානු ජාතික ඔිල්කට්තුමා ගාල්ල වරායෙන් ලංකාවට පැමිණ ගාල්ල වැලිවත්ත විහාරයේදී බෞද්ධයෙකුවීම එහි ආරම්භක අවස්ථාවය.
අනතුරුව කොළඹ ගාල්ල මහනුවර නගර ත්‍රිත්වය තුළ බෞද්ධ අධ්‍යාපන මුල් ගල් තුන ලෙස ආනන්ද , මහින්ද හා ධර්මරාජ විදුහල් පිහිටවා මිෂනාරීන් බිළිගෙන තිබූ මෙරට අධ්‍යාපනයට බොදු හැඩරුව එක් කළේ ඔිල්කට්තුමාය. මෙරට බෞද්ධ අධ්‍යාපනය රටේ දසත පැතිර ගියේ එම පදනම තුළය.
දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබදතා ඇරඹුණේ මීට වසර 78 කට පෙරය. ඒ හරහා දේශපාලන ව්‍යාපාරික සංස්කෘතික හා අධ්‍යාපන සබදතා ජාලයක් ගොඩනැංවී එය සාර්ථකව ඉදිරියට ගියහ.
එහිදී තානාපති අංශ ඉටුකල වගකීම් හා කාර්යභාරය දැවැන්තය.
එහෙත් පසුගිය යුගයේ ලංකාවේ සිටි ඇමෙරිකානු තානාපතිනියගේ කාලය අවසන්වීමත් සමඟම ට්‍රම්ප් පාළනය එරික් මේයර් නම් ප්‍රවීණ නිළධාරියා පසුගිය වසරේ ජූලි මස නම් කළ ද ඔහුට එරට කොග්‍රස් හා සෙනෙට් සභාවල අනුමැතිය හිමිවීම ප්‍රමාද විය. ඒ තුළ දැනට මාස ගණනාවක සිට වැඩ බලන ධුරයතින් කොළඹ කාර්යාලය කුියාකාරී වේ. දැනට නොර්වේ වැඩබලන තනතුර දරන එරික් ට මැයි 18 දා අනුමැතිය ලැබිණ. ඔහු ජූලි අගදී ලංකාවට යාමට නියමිත බව වොෂින්ටන් රාජ්‍ය
දෙපාර්තමේන්තුව කියයි.
තවද මාස ගණනාවක් තිබියදී වොෂින්ටන් DC වල සිටි මෙරට තානාපති මහින්ද සමරසිංහ ඉල්ලා අස්වීම තත්ත්වය
වඩාත් බැරෑරුම් කොට තිබේ. මහින්ද මෙතෙක් එරට සිටි සාර්ථකම හා ලංකාවට ඉහළම ප්‍රතිලාභ ගෙනා තානාපතිවරයා ලෙස ඔහුගේ සේවය අහිමිවීම රටක් ලෙස අභාග්‍යමත් පසුබිමකි. මහින්ද ඇමෙරිකානු රාජ්‍ය තන්ත්‍රය තුළ ගොඩ නැගූ දැඩි සබදතා ඉදිරියට ගෙනයා හැකි අයෙකු ඇමෙරිකාව වැනි ලොව සංකීර්ණම තැනට පත් නොවුණහොත් දේශපාලන ආර්ථික හා ව්‍යාපාර්ක ලෙස ද ලංකවට අත්වන්නේ අවාසිසහගත පසුබිමකි. මන්ද කොංග්‍රස් හා සෙනෙට් සභා පෙන්ටගන් හා ඇමෙරිකානු ආණ්ඩුව පමණක් නොව IMF ලෝක බැංකුව හසුරවන්නට සිදුවන්නේ ද වොෂින්ටන් තානාපතිට වීමය.
තවද නව ඇමෙරිකානු තානාපති එරික් මේයර් හා මහින්ද වොෂින්ටනයේදී රාජතාන්ත්‍රික සබදතා පවත්වා තිබීම සුවිශේෂී කරුණකි. එනම් එරික් ලංකාවේ තානාපති ලෙස යෝජනාවීමට පෙර ලංකා තානාපති පරිශ්‍රයේ හා නිළ නිවසේ පැවැති උත්සව වල ආරාධිතයා ලෙස එක්කර ගැනීමට මහින්ද ක්‍රියාකොට තිබීම ඊට නිදසුන්ය.
Lanka Newsweek © 2026